
ශ්‍රී ලංකාව තනි නොකරන බව ග්ලෝබල් පීස් කෝංග්‍රස් ඔෆ් ඔස්ට්‍රේලියා කියයි.
- Posted by Ranjith
- On July 18, 2019
- 0 Comments
අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තප්‍රහාරයෙන් විපතට පත් වූ ශ්‍රී ලංකිකයන් තනි නොකරන බවත් ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් දේශීය වශයෙන්ම මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කළ හැකි සෑම කටයුත්තක්ම නොපිරි හෙලා සිදු කරන බවත් ග්ලෝබල් පීස් කෝංග්‍රස් ඔෆ් ඔස්ට්‍රේලියා (Global Peace Congress of Australia Inc.ශ්‍රී ලංකා ජනධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත.
ග්ලෝබල් පීස් කෝංග්‍රස් ඔෆ් ඔස්ට්‍රේලියා (Global Peace Congress of Australia Inc.හි කාන්තා, පිරිමි හා ළමා කටයුතු පිළිබඳ නියෝජිත ඉතාලියේ වෙසෙන බිමල්කා මධුපානී වික්‍රමරත්න මහතත්මිය ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතත්වරුන් වෙත ලිපියක් එවමින් මේ බව දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්තූතිය ඵල කර ඇත.
එම ලිපි දෙක පහත දැක් වේ.

